Popular Posts

Monday 5 September 2011

හිරු රෑසින් ලොව එලිය කල...
රත් පියුම් පිපි වසන්තය...
මා හද ඉද ප්‍රේමයෙන් එලිය කල...
ආලවන්ත පෙම් වදන් තෙපල ...
මම ආදරෙයි ඒ මදු වසන්තයට .....

Thursday 1 September 2011

මගේ කතාව ......

                                                             හ්ම්ම්ම්,කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද? අකුරු හතරකට මම හිර වෙලා,අමුත්තක් නෙවෙයි ,සරලව කියනව නම් ආදරය , වච්ගන ලස්සනට ගලපල සිත් ඇදගන්න විදිහට කෙතා ලියන්න පුලුවන් තත්වෙක නෙවෙයි ඇත්තටම මම ඉන්නේ , හිතේ දහසක් දෙවල් හිර වෙලා,මගෙ හිත ඇගේ වචන වල හිර වෙලා , හරියට සෙනග ගොඩක් මැද්දේ අතරමන් වෙලා වගේ , 
                                                                     සරලව කියනව නම් ඇය හමුවී දින කිහිපයයි , ලාමකයි ,පන්ඩිතයි වෙලාවකට හිතෙනව හුරතල් ද කියලත් හෙහේ ,,මෙහෙම ආදරයක් මගේ හිතට ආව පලමු වතාවද මෙයද මංද,එත් මගෙ හිතේ මොන දේ කිව්වත් මම කොහොමද එක පාරට කියන්නෙ එ කෙල්ලට මං ආදරෙයි කියල ,ඇය මගේ සහොදරියක් වගේ , විටෙක නැගනියක් වගේ , මේ සහොදර බැම්ම බිම දාල මම කොහොමද කියන්නේ ආදරෙයි කියල ,ඒකෙන් වෙන්නේ මට ඇයත් ඇගේ මිතුරු කමක් දෙකම නැතිවී තනි වෙන්නට ,ලොකයට තනියම මුහුන දෙන්න මම බිය නොවෙමි නමුදු අගේ ප්‍රෙමය අහිමි වීම විටෙක දර ගත නොහකි..
                                      කොටින්ම කියනව නම් ආදරය පිලිබද වචනයකුදු නොදොඩා උන් වන බලා සිටින්නට සිදුවී ඇත , අපේ බාසවෙන් කියනව නම් මම පුලුවන් තරම් ඇයට මල් සර හී සර විද්ද ඇයට කිසි දෙයක් නොතෙරෙන ගානය ,විටෙක සිතෙයි ආදරය ප්‍රකාශ කරන්න ,ඉතා සුලු දින කිහිපයක් තුල ඇය මගේ සිත හැක් කර අවසානය :P කතාව මෙතනට අවසානයි ,හිත පොඩ්ඩක් සැහැල්ලු කර ගන්න ඔනි හින්ද ලියල දැම්මේ ,දවසක ඇයට මම කොතරම් ආදරෙයි ද කියා පවසමි බලමු එදාට මොනා වෙවිද කියල , ඒ දවස එනකම් බලා ඉන්න මම